blog images

සෑම දිනකම වෙබ් අඩවි වලට අනවසරයෙන් ඇතුළුවීම්(හැක් විම්) බහුලව සිදුවන අතර දිනකට 30,000ත් 50,000ත් අතර ප්‍රමාණයක් අනවසරයෙන් වෙබ් අඩවි වලට පැමින දත්ත සොරකම් කරනු ලැබේ.


දැනට අන්තර්ජාල පහසුකම් අවහිරතාවය 56%ක් වන අතර එයට ප්‍රධානම හෙතුවක් වන්නෙ බොට්ස් සහ ස්කෑනර් වැනි ස්වයංක්‍රීය හැකින් මෙවලම්ය. එම තර්ජනය නිසා, ඔබ වෙබ් අඩවි ආරක්ෂාවට ප්‍රමුඛතාවයක් ලබා දීම වැදගත්ය. ඔබ ඒ සඳහා විවිධ උපක්‍රම යොදා නොගන්නේ නම්, ඔබට, ඔබේ ගනුදෙනුකරුවන්ට සහ ඔබේ ව්‍යාපාරයට විනාශකාරී ප්‍රතිවිපාක ඇති විය හැකිය. ඔබේ වෙබ් අඩවි ආරක්ෂාව හැසිරවිම ඔබට වැදගත් වන හේතු 4ක් මෙමෙ ලිපිය තුලින් ලබා දෙනු ඇත.

හේතු අංක 1: ඔබේ ගනුදෙනුකරුවන් දත්ත සොරකම් කිරිමට ඉඩකඩ වැඩි නිසා.

ඔබගෙ වෙබ් අඩවිය තුල ගෙවිම් ක්‍රම බවිතා කරන්නෙ නම් ඔබගෙ ගනුදෙනුකරුවන්ගෙ දත්ත(බෑංකු ගිනුම් විස්තර ) හැකර්ස්වරුන් විසින් සොරා ගෙන එම දත්ත තුලින් ගනුදෙනුකරුවන්ගෙ බෑංකු ගිනුම්වලින් මුදල් ලබා ගැනිම් සිදු කිරිමෙ වැඩි ඉඩකඩක් ඇත.

තවද ඔබගෙ ගනුදෙනුකරුවන්ගෙ පුද්ගලික තොරතුරු(ඊමෙල්,දුරකතන අංක, ලිපිනයන් ) සොරකම කොට එම හැකර්ස්වරුන් හො එම පුද්ගලයන් විසින් වෙනත් පුද්ගයකුට හෝ යම් කණ්ඩායමකට විකුණා එම දතත අවබවිතයන් සිදු කෙර්නු ලැබෙ. මෙම ක්‍රයාවන් තුලින් ඔබෙ වෙබ් අඩවියෙ කිර්ති නාමයට දැඩි අපකිර්තියක් සිදුවෙ.

හේතු අංක 2: එක් වරක් ඔබගෙ වෙබ් අඩවිය හැක් වු පසු එය නැවත සිදුවිමේ ඉඩකඩ වැඩිවිම.

අනවසරයෙන් වෙබ් අඩවි වලට පැමිණිම ඔබට කරදරයක් නොවනු ඇතැයි ඔබට සිතිය හැකිය. නමුත් එය වැරදියි. මන්ද සෑම තත්පර 39 කට වරක් වෙබ් අඩවියක් හැක් වනු ඇත.

ඇත්ත වශයෙන්ම සෑම හැක් කිරිමෙ අවස්ථාවක්ම සාර්ථක බව මින් අදහස් නොවේ. මන්ද බොහො විට හැක් කිරිමෙ අවස්ථාවන් 10ක් තුලින් එක් අවස්ථාවල් සාර්ථක විය හැක. නමුත් අවධානම ඇත්තේද එම අවස්ථාව තුලයි. එයට හේතුව වන්නේ ඔබගෙ වෙබ් අඩවිය නැවත හැක් විමෙ ඉඩකඩ බහුලවෙ.

හේතු අංක 3: ඇතැම් විට අලාභ හානි සිදුවිම.

ඔබේ ගනුදෙනුකරුවන් ඔබව විශ්වාස නොකරන්නේ නම් ඔබට ආදායම ද අහිමි වේ. ඔවුන් ඔබගෙ වෙබ් අඩවිය භාවිතා කිරිමද නතර කිරිමේ අවධනමද වැඩි වේ. එයට හේතුව වන්නෙ, ඔබේ වෙබ් අඩවිය අනාරක්ෂිත බවට වෙබ් බ්‍රව්සර්ය තුලින් ගනුදෙනුකරුවන්ට අනතුරු ඇඟවීම් සිදු කරනු ඇත, එම තුලින් ඔබේ ගනුදෙනුකරුවන් වෙනත් තැනකට යාමට උනන්දු කරයි. එවිට ඔබට දැඩි පාඩුවක් සිදුවනු ඇත.

තවද ඉහත හේතු අංක 1 අනුව ඔබේ ගනුදෙනුකරුවකුට යම් පාඩුවක් සිදු වෙනම්, බොහෝ විට එම මුදල් ඔබ විසින් ගෙවීමට සිදුවිමෙ ඉඩකඩ බහුලව පවති.

හේතු අංක 4: හැක් වු වෙබ් අඩවියක් නැවත සකස් කිරිමට වැයවන මුදල වැඩිවිම.

හැක් කරන ලද වෙබ් අඩවියකින් නැවත ලබා ගැනීම කළ පහසු නොවෙන අතර එ සදහා වැය වන මුදලද අධිකවේ. මන්ද එය කේත බහුලව යොදා ගන්න අතර එම කේත එකින් එක ඉවත් කලයුතුවේ.

බොහො එම ක්‍රයාවලියද හැකස්වරුන් විසින්ම සිදු කරනු ලැබේ. එවැනි හැකස්වරුන් වයිට් හැට් හැකර් නමින් හදුන්වන අතර එවැනි පුද්ගලයන් බහුලව නොමැති හෙයින් ඔවුන් අයකරන මුදලද සුලුපටු නොවේ.

ඔබේ වෙබ් අඩවියේ ආරක්ෂා කරන්නේ කෙසේද?

  • මෘදුකාංග සහ පලිගින් යාවත්කාලීනව තබා ගන්න.
  • HTTPS සහ SSL සහතිකයක් ඔබගෙ වෙබ් අඩවියට එක් කරන්න.
  • මුරපදයක් යෙදිමෙදි හදුනා ගැනිමට නොහැකි මුරපද යොදාගන්න. ඒ සදහා අංක, විවිද අකුරු භාවිතා කිරිම වැදගත් වේ.
  • ආරක්ෂිත වෙබ් සත්කාරක සමාගමක් භාවිතා කරන්න.
  • ඔබේ වෙබ් අඩවිය Backup කිරිම.
  • ඔබේ වෙබ් අඩවිය තුල ඇති වෙබ් සේවා සපයන ලිපි ගොනුවන් (.htaccess file,web.config) පිලිබදව දැනුවත් විම.
  • ජාල ආරක්ෂාව වැඩි කිරිමද වැදගත් වේ.